නාගොඩ රෝහලේදී දරුවෙක් ප්‍රසුත කළ කාන්තාවකට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වී තිබෙයි. එම කාන්තාව බේරුවල, පන්නිල ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.


ඇය කළුතර නාගොඩ රෝහලට ඇතුලත් වී ඇත්තේ තමන් අලුත්ගම දර්ගා නගරයේ පදිංචි බව පවසමින් වන  නමුත් පසුව පවුල් සෞඛ්‍ය සේවිකාවක් ඇයගේ සායනික කාඩ් පත පරික්ෂා කිරීමේදී ඇය බේරුවල පන්නිල ප්‍රදේශයේ පදිංචි කාරියක් බව තහවුරු වී ඇත.
පසුගිය දින කිහිපයේදී එම ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් කිහිප දෙනෙක්ම වාර්තා වූ අතර රෝහල් බලධාරින් සඳහන් කර සිටියේ එම කාන්තාව රෝහලට ඇතුලත් කිරිමේදී සිය පදිංචිය ඇතුළු කරුණු සඟවා තිබූ බවයි.

මේ හේතුවෙන් රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය කොරෝනා වෛරසය වැලදී තිබු කාන්තාවට නිරාවරණය වීමෙන් ඔවුන්ව ස්වයං නිරෝධායනයට ලක් කිරිමට සිදුව ඇත.

එම කාන්තාව ප්‍රසුත කර ඇති දරුවාට කොරෝනා වෛරසය වැලදී ඇත්දැයි යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයකට යවා ඇත.