ශ්‍රී ලංකාව කොරෝනා සම්බන්ධ තත්ත්වය වත්මන් ප්‍රස්ථාර ගතකොට බැලූ විට ඉතාලියේ J හැඩය වෙත ගමන් කිරීමක් දක්නට ලැබෙන බවත් අනෙක් රටවලට වඩා වැඩි සක්‍රිය රෝගීන් ප්‍රතිශතයක් සිටින බවත්
රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ

ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ යූ ටියුබ් නාලිකාවකට එක්වී ප්‍රකාශ කළේය.
එසේම කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග නිසි ඇගයීමක් නොකර ලිහිල් කළහොත් තත්ත්වය වඩාත් බරපතළ වනු ඇති බව ද ප්‍රක්ෂේපන අභිබවා කොරෝනා වසංගතය පැතිරෙමින් යන බවත් නිවැරදි ප්‍රක්ෂේපන මේ තත්වය තුල ඉදිරිපත් කිරීම අපොහොසත් වන බවත් පැවසිය.

එසේම පිළියන්දලදී හමුවූ රෝගියා සමගින් පෑලියගොඩ මාළු වෙළද පලේ ගැවසුන පුද්ගලයන්ගේ අවධානමද මේ වන විට වැඩිවී ඇති බවත් බලධාරීන් අහබු නියැදි ගෙන පරික්ෂා කිරීම කලයුතු බවත් ලංකාවේ පරීක්ෂණ ඉතා දුර්වල තත්වයක පවතින බවත් සදහන් කළේය.

සම්පුර්ණ වීඩියෝව පහතින්