පෙබරවාරි මාසය සඳහා විදුලි බිල්පත් ගෙවීමට පාරිභෝගිකයින්ට අප්‍රේල් මස 30 වන දින දක්වා සහන කාලයක් ලබා දී ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.



එමෙන්ම විදුලි බිල ගෙවීමට නොහැකිව සිටිය ද කිසිදු අයුරකින් නිවාසවලට සපයා ඇති විදුලිය විසන්ධි කිරීමක් නොකරන ලෙස විදුලිබල මණ්ඩලය වෙත අමාත්‍ය වරයා දැනුම් දීඇති බව වාර්තා වෙනවා.

පසුගිය 7 වන දා අමාත්‍යවරයා නොරොච්චෝලේ ගල් අඟුරු තාප බලාගාරය වෙත ගොස් එහි සේවක මණ්ඩල විසින් අඛණ්ඩව විදුලිය සපයමින් මහජනතාවට සපයන සේවාව වෙනුවෙන් රජය හා මහජනතාව වෙනුවෙන් කෘතඥතාවය පළ කර ඇත.