ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක කුඩා දරුවන්ට ලබාදෙන ක්ෂය රෝගයට එරෙහි බීසීජී එන්නත මගින් කොවිඩ් -19 ට එරෙහිව ආරක්ෂාව සැපයිය හැකි බව අයර්ලන්තයේ සිදු කළ පර්යේෂණයකින් අනාවරණයවී
තිබේ.
බීසීජී එන්නත ලබා නොදෙන රටවලට සාපේක්ෂව එය ලබාදෙන රටවල මරණ අනුපාතය සැලකිය යුතු ලෙස අඩු බවට  “කැපී පෙනෙන” සාක්ෂි මතු වී ඇතැයි එම අධ්‍යයන කණ්ඩායම පෙන්වාදී ඇත.


හූස්ටන්හි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥයින් සමග හවුල්වූ අයර්ලන්ත වෛද්‍ය උපදේශකයෙකු වන ඩබ්ලින්හි මාතෘ රෝහලේ විශේෂඥ වෛද්‍ය පෝල් හෙගාර්ටි විසින් රටවල් 178 ක් අළලා කරන ලද අධ්‍යයනයකින් මෙම කරුණු හෙළි වී ඇත. අයර්ලන්තය ඇතුළු එන්නත් කිරීමේ වැඩසටහන් ඇති රටවල් - බීසීජී වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක නොවන ස්ථාන හා සසඳන විට  කොරොන වයිරස් ආසාදනයවීම බීසීජී වැඩසටහන් ක්‍රියාත්මක රටවල අඩු බව ඔහු දන්වා ඇත.
මෙය බොහෝ දුරට සංඛ්‍යානමය අධ්‍යයනයක් වන අතර අවුල් සහගත සාධක නිරවුල් කර “සහසම්බන්ධතා” අධ්‍යයනයක්ද මේ වෙනුවෙන් සිදු කරන බවත්, PLOS ජර්නලය හරහා කෙටි කලකින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්‍ෂා කරන බවත් මෙම පර්යේෂණ කණ්ඩායම දන්වා ඇත.
අධ්‍යයනය අනුව දින 15 ක් තුළ බීසීජී එන්නත ලබා ඇති රටවල කෝවිඩ් -19 සිදුවීම මිලියනයකට 38 ක් වූ අතර එවැනි වැඩසටහනක් නොමැති විට කෝවිඩ් -19 සිදුවීම මිලියනයකට 358 කි. බීසීජී වැඩසටහන් ඇති රටවල මරණ අනුපාතය මිලියනයකට 4.28 ක් සහ එවැනි වැඩපිළිවෙළක් නොමැති රටවල මිලියනයකට 40 ක් විය. ඒ අනුව එය දහගුණයක වෙනසක් බව පර්යේෂකයින් දන්වා ඇත.