ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි අවන්හලක වාහන අංගනයක් තුළ නාඳුනන පුද්ගල මළ සිරුරක් තිබී සොයා ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (08) ගල්කිස්ස පොලිසියට ලද තොරතුරකට අනුව ඩි සේරම් පාරේ අවන්හලක වාහන අංගනයක් තුළ මෙම මළ සිරුර තිබූ බවයි.

මරණකරු මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට සැක කරන අතර මේ වන තෙක් ඔහු කවුරුන්ද යන්න තහවුරු වී නැහැ.

ගල්කිස්ස මහේස්ත්‍රාත් නියෝග පරිදි ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි අනුව මෘත ශරීරය අවට බිෂබීජ හරනය කර මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබෙනවා