ඇඳිරිනීතිය ක්‍රියාත්මක නොවන ප‍්‍රදේශවල තැපැල් සේවා කටයුතු අද (21) සිට ආරම්භ කර ඇති බව වාර්තාවේ.




එහෙත් තැපැල් බෙදාහැරිම් ආරම්භ නොවන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. රට තුළ සාමාන්‍ය ප‍්‍රවාහන කටයුතු යථා තත්වයට පත්වන තෙක් තැපැල් භාණ්ඩ බෙදාහැරීම ද ප‍්‍රමාද විය හැකියි.

ගුවන් සහ නෞකා ගමනා ගමන කටයුතු ක්‍රියාත්මක නොවන බැවින් යලි දැනුම්දෙන තුරු විදේශ තැපැල් භාණ්ඩ තැපැල් කාර්යාල මගින් භාරගැනීම සිදුනොවන බවද දෙපාර්තමේන්තුව පවසයි.