පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල තාවකාලිකව වසා දැමීමට අද තීරණය කර තිබේ.
හෙට(22) දිනයේ සිට දින 3 ක කාලයක් සඳහා මත්ස්‍ය වෙළඳසැල වසා තැබෙන බව වෙළඳ සංගමය සඳහන් කළේය.

කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනාගත් පිළියන්දල ප්‍රදේශයේ මත්ස්‍ය ව්‍යාපාරිකයා, මාළුමිලදී ගැනීම සඳහා පැමිණ තිබීම හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හෙට සිට දින 3 කකාලයක් වසා දැමීමට එහි වෙළඳ සංගමය තීරණය කර තිබෙනවා.හෙට දිනයේදී
එහි වෙළඳුන්ට පී.සී.ආර්. පරීක්ෂණ වලට භාජනය කරන බව එම වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි කියා සිටියේය.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ පිහිටා ඇති මාළු අලෙවිසැල් සංඛ්‍යාව 154 කි. පිළියන්දල ආසාදිතයා මෙහි ගොස් මාළු රැගෙන තිබුනේ ටික කලකට පෙරයි.