මේ දිනවල ඇදිරි නීතිය පනවා අගුලු දමා ඇති ඉන්දියාවේ මුම්බායි නුවර ශිවාජි නගර්හි
 තරුණයින් දෙන්නෙකු එරට පවතින නීති රීති උපහාසයට ලක් කරමින් වීඩියෝවක් පළ කිරීම නිසා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

25 හැවිරිදි වියේ පසුවන සලීම් ෂෙයික් සහ ඔහුගේ මිතුරා 27 හැවිරිදි මොහොමඩ් ෆසාඩ් ටික් ටොක් නමැති ජනප්‍රිය වීඩියෝ වේදිකාවට යොමු කළ මෙම වීඩියොවෙන් පොලිස් නිලධාරියෙකු ලෙස වෙස් ගත් අයෙකු එක් පුද්ගලයෙකු ඇදගෙන යන හැටිත් අනෙකා එයට හසුනොවන ආකාරයත් රඟ දක්වා තිබෙන අතර

ප්‍රභූ පුද්ගලයෙකු ලෙස වීඩියෝවේදී නම් කරන පුද්ගලයා පොලිසියට හසු නොවන හැටි පෙන්වා ඇත.

එම වීඩියෝව නිර්මාණය කර ඔවුන් පෙන්වා දෙන්නට අදහස් කර ඇත්තේ ඉන්දීය පොලිසිය ප්‍රභූන්ට අගුලුදැමීමේ නීති අදාල නොකරන බවකි.

මෙම අදහස වැරදි එකක් යයි දන්වා සිටි පොලිසිය මෙම වීඩියෝව තුළින් වැරදි චිත්‍රයක් ඉන්දීය පොලිසිය ගැන හුවාදක්වන බව පවසා මේ දෙන්නාව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට හසුවූ තරුණයින් පවසා ඇත්තේ තමන් ඒ නිර්මාණය විනෝදයට කළ එකක් බවයි.