කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන
තුරු දිගටම බලාත්මකව
පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නවතම නිවේදනයක් නිකුත් කර තිබේ.
සෙසු සියළු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද (01) උදේ 6.00ට ලිහිල් කෙරුණු අතර, අද
දහවල් 2.00ට යළි පනවනු ලැබෙන අතර මේ දිස්ත්‍රික්කවල යළි පැනවෙන ඇඳිරි නීතිය අප්‍රේල් 06, සඳුදා උදේ 6.00 දක්වා ක්‍රියාත්මක වනු ඇත. එදිනම, එනම් අප්‍රේල් 06 සඳුදා දහවල් 2.00 සිට යළි ක්‍රියාත්මක
කෙරෙනු ඇත.
අත්‍යාවශ්‍යම සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන
ක්‍රියාවලියේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර හිමිවේ.
කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල  හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ
ලෙස තවදුරටත් සලකනු ලැබෙනු ඇත.