දිස්ත්‍රික්ක හයක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරිනීතිය අද (01) පෙරවරු හයට
තාවකාලිකව ඉවත් කෙරුණා.
කොළඹ,  ගම්පහ,  කළුතර,  පුත්තලම,  මහනුවර හා යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇදිරිනීතියයි මෙසේ තාවකාලිකව ඉවත් කෙරුණේ. එසේ ඉවත් කෙරුණු ඇදිරිනීතිය පස්වරු දෙකට යළි බලපැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත්තේ.

යාපනය,  මහනුවර,  කොළඹ,  ගම්පහ,  කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇදිරිනීතිය නැවත දැනුම්දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මකයි.