කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (10) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී  ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි , ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා,  විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහණ මහතා දැක්වූ අදහස් 
පහත දැක්වේ.

 සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය

ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සමෘද්ධිලාභීන් වෙත ලබාදුන් රුපියල් 5000/= ක ණය මුදල ආධාරයක් වශයෙන් ලබාදීමට තීන්දු කර ඇත. ඒ අනුව, අද වනවිට පවුල් විස්ඵක් ලක්ෂ විසිහය දහස් අටසිය විසිහයකට (2,126,826) කට රුපියල් මිලියන 10,634 ක මුදලක් සමෘද්ධිලාභි පවුල් වෙත ලබාදී ඇත.
ඒ වගේම, රජය විසින් මේ වනවිට ලබාදෙන එම දීමනාව අබාධිත පුද්ගලයින් එක් ලක්ෂ හාරදහස් පන්සිය අනුපස් දෙනෙකු (1,04595) වෙත රුපියල් මිලියන 522.9 ක් ලබාදෙන ලදී.
ඒ වගේම, වකුගඩු ආධාර දිමනාව වශයෙන් පුද්ගලයින් තිඅටදහස් අසුතුන් දෙනෙකු (38,083) වෙත රුපියල් මිලියන 180 ක් ලබාදෙන ලදී.
එසේ, වැඩිහිටි දිමනාව වශයෙන් පුද්ගලයින් පන්ලක්ෂ හැට දෙදහස් නවසිය හැත්තෑ හත් දෙනෙකුට (562,977) රුපියල් මිලියන 2814 ක් ලබාදෙන ලදී.
ඒ අනුව, ගරු බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමන් නායකත්වය දරණ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි රටෙහි ලක්ෂ ගණනාවක ජනතාවට මෙම ආධාරය ලබාදෙන ලදී.
අද දින පස්වරු 04.30 වනවිටත් ආයතන කිහිපයකින් සිදුකරනු ලබන පරික්ෂණ ගණනාවකින් පසුව වූවත් කිසිදු කොවිච් - 19 වෛරසය ආසාදනය වූ රෝගීයකු වාර්තා නොවීම සතුටට කරුණක් වේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ කොවිච් රෝගය වැළදීමට ඉඩ කඩ ඇතැයි සැක සහිත පුද්ගලයින් 58 දෙනෙකු දියතලාව නිරෝධාන මධ්‍යස්ථානයේ නිරෝධානය කළ අතර ඒ පුද්ගලයින් 58 දෙනා අතරින් 20 දෙනෙකු PCR පරික්ෂාවට ලක් කළ පසු කිසිදු පුද්ගලයෙකුට එම රෝගය වැළදී නොමැති බවට තහවුරු විය.

එසේම, අනෙකු පුද්ගලයින් 38 දෙනාත් PCR පරික්ෂාවට අද දින ලක් කරන ලදී. එම පුද්ගලයින් අතරින් කිසිදු පුද්ගලයෙකුට එම රෝගයෙකු හමු නොවේ යැයි මා විශ්වාස කරනු ලබයි.
නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයත්, නිරෝධායනයෙන් පසු පැමිණෙන අයවලුත්, රෝගී අයවලුත්, එම වෛරසය වැළදී සුවවන අය කෙරෙහි සමාජය වෙතින් ඔවුන්ට ගරු කල යුතුයි, සැලකිය යුතුයි, ආදරය කළ යුතුව ඇත. මන්දයත් මෙම රෝගයට ගොදුරු වන්නේ ඔවුන් හිතාමතා නොවන බැවින් හෙට දිනයේ මෙම රෝගය මට හෝ ඔබට වැළදිය හැකිය.


හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා -

නිරෝධායන නීති සහ සෞඛ්‍ය උපදෙස් කඩ කරන ලද පුත්තලම ප්‍රදේශයෙන් පුද්ගලයින් 59 දෙනෙකු සහ හලාවත ප්‍රදේශයේ කොවිච්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙකු සමීපව ඇසුරු කළ එම ප්‍රදේශයේ තවත් පුද්ගලයින් 27 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 86 දෙනෙකු ඊයේ රාත්‍රියේදීම යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන කටුකැලියාව නිරෝධාන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදී.
එසේ, කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සමීපව ඇසුරු කළ වැල්ලම්පිටිය සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි ඔහුගේ ඥාතීන් 10 දෙනෙකු පූනානි නිරෝධාන මධ්‍යස්ථානය වෙත ඊයේ දින පිටත් කර යවනු ලැබුවා.
එවැනිම තවත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සමීපව ඇසුරු කළ අත්කර්පත්තු ප්‍රදේශයේ පුද්ගලයින් 10 දෙනෙකු දමින්න නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකරන ලදී.
එමෙන්ම, ඉන්දුනිසියාවේ වන්දනා සංචාරයක නිරත වූ බදුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 04 දෙනෙකු පසුගිය මාර්තු මස 08 වන දින මෙරටට පැමිණ නිරෝධානයවීමෙන් පසුව ඔවුන් තවදුරටත් නිරෝධානය කිරීම සඳහා ඊයේ රාත්‍රියේ කහගොල්ල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදී.
එසේම, කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් කිහිපදෙනෙකු සමීපව ඇසුරු කලේ යැයි සැක සහිතව මාතලේ ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයින් 08 දෙනෙකු ඊයේ රාත්‍රියේ කහගොල්ල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදී.
ඒ අනුව, දැනට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 12 ක් තුළ පුද්ගලයින් 1455 දෙනෙකු තවදුරටත් නිරෝධායන ක්‍රියාවලියේ යොදවමින් සිටියි.
පසුගිය දින ජාඇල ප්‍රදේශයෙන් කොවිඩි -19 වෛරසය ආසාදිත වී හඳුනාගත් පුද්ගලයෙකු සමීපව ඇසුරු කළ පුද්ගලයින් 23 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා අනුගතව සිටියදී එම නිරෝධායන ක්‍රමවේදයට පටහැනිව ක්‍රියාකිරීම හේතුවෙන් ඊයේ දින නාවික හමුදා බුද්ධි අංශයේ සහයෝගය ඇතිව පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන නැගෙනහිර පළාතේ පිහිටි නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකරන ලදී.
ඊයේ සහ අද දිනයේ නාවික හමුදාව විසින් නිපදවන ලද විෂබීජහරණ කුටි හතරක් මහනුවර ශ්‍රී දළදා මාලිගාව, මහරගම අපේක්ෂා රෝහල, කොළඹ ජාතික රෝහල සහ තෙල්දෙණිය දිසා | රෝහල වෙත පරිත්‍යාග කරන ලදී.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා

පසුගිය දින 10 ක් වැනි කාලයක් තුල කොවිච් - 19 රෝගය පිළිබඳ පරික්ෂණ පැවැත්වීම ක්‍රමයෙන් වැඩි කල අතර අද දිනය තුළ කිසිදු රෝගියෙකු මේ වනවිටත් වාර්තා නොවි ඇත. එසේ, රෝහල් ගතවන රෝගින්ගේ නියදී, ඒවගේම රෝගින් ඇතිවන ස්ථානවල නියදී හා නිරෝධාන මධ්‍යස්ථාන තුළ සිටින රෝගින්ගේ නියදී ලබාගෙන මෙම පරික්ෂණ සිදුකරනු ලබයි.
විශේෂයෙන්ම මේ වනවිට සමාජයේ විවිධ ස්ථානවල සිටින පුද්ගලයින්ගේ නියදී ලබාගෙන පරික්‍ෂණ සිදුකිරීම ද ආරම්භ කර ඇත.
මේ වනවිට මෙම වාර්තාගත රෝගය ආසාදනය වූ රෝගීන් 100 දෙනාගෙන් 50 දෙනෙකු සම්පුර්ණයෙන්ම සුවපත්වී නිවෙස් වෙත පිටත් කර යවා ඇත.


නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා

විශේෂයෙන්ම, නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වන අතර ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ලබයි.
ඊයේ දිනයේ, පේරාදෙණිය ප්‍රදේශයේ පිරිසක් රැස් කරමින් නිරෝධායන ඇඳිරි නීති ක්‍රියාදාමයට පටහැනිව කටයුතු කළ ගම්පොල ප්‍රාදේශීය සභාවේ හිටපු සාමාජිකයෙකු ලෙස සැලකෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
එවගේම, අද දින ත්‍රිකුණාමලය, උක්කවේලි ප්‍රදේශයේ සිකුරාදා දින පැවැත්වෙන යාඥා මෙහෙයකට සහභාගි වූ පිරිසෙන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය හා සෞඛ්‍යමය පියවර ගනු ලබයි.
විවිධාකාරයේ ගෘහස්ථ මත්පැන් නිෂ්පාදන සම්බන්ධයෙන් සමාජ මාධ්‍යජාලා ඔස්සේ පුවත් පලවන බවට වාර්තා වී ඇත. විශේෂයෙන්ම, 2007 ව්‍යාස්ථාදයකය මගින් හඳුන්වාදී ඇති මත්පැන් හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත මගින් දුම්වැටි භාවිතා කිරීම හා නිෂ්පාදනය කිරීම පිළිබඳ කුමන හෝ මාධ්‍යකින් ප්‍රචාරණයක් ලබාදෙන්නේ නම් එය නීති විරෝධි ක්‍රියාවක් වන අතර එවැනි පුද්ගලයින්ට එරෙහිව පනතට අනුව දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු කරනු ලබයි.
ඇඳිරි නීතියට සහ සෞඛ්‍ය අංශ වෙතින් ලබාදුන් උපදෙස් නිවැරදිව පිළිපදින පුද්ගලයින්ට අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වන අතර දැනට ලබාදී ඇති ඇඳිරි නීති බලපත්‍ර අප්‍රේල් 30 වෙනිදා දක්වා දීර්ඝ කර ඇත.