දිවයින පුරා  රජයේ හා පුද්ගලික ඔසුසැල් ඇඳිරි නීතිය පැවතියත් නැතත් ඇර තබන ලෙස ඊයේ සිදු කළ නියෝගය රජය නැවත වෙනස් කර තිබේ. ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට මෙම විවෘත කිරීම කළ නොහැකි බව අද
ප්‍රකාශ කර තිබේ.
එසේම විශේෂ හේතු මත අගුළු දැමූ ඇතැම් පොලිස් බල ප්‍රදේශවලටද මෙම නීතිය අදාළවේ. අන්තර්ජාලය ඔස්සේ හෝ දුරකථන මාර්ගයෙන් ඖෂධ ඇනවුම් කර ගෙන්වා ගන්නැයි නිවේදනයේ දැක්වේ.
අවදානම් කලාප හැර අනෙකුත් දිස්ත්‍රික්කවල සියලූ ඖෂධ හල් 09 වෙනිදා සිට සෑම දිනකම පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා විවෘතව තබන බව අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ තීරණයක කළබව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.