කොරෝනා සමයේ ගර්භනී කාන්තාවන් සඳහා උපදෙස් මාලාවක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත්කර තිබෙනවා.
ඒ අනුව උණ,  ලේ ගැලීම,  දරුණු හිසරදය,  හුස්ම ගැනීමේ අපහසුතාව,  පෙනීම දුර්වලවීම ආදිය ඇත්නම් වහාම ප්‍රතිකාර සදහා රෝහල් ගත යුතු වනවා. වලිප්පුව,  පපුවේ හෝ උගුරේ වේදනාව,  දරුවා දැගලීම අඩුවීම,  ශරීරයේ ඉදිමීම හෝ වෙනත් තදබල අපහසුතාවන් ඇති ගර්භනීය කාන්තාවන් ද රෝහල් ගතවිය යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ගුණාත්මක සේවාවක් සදහා රෝහල්වල තදබදය අවම කළ යුතුයි. ඒ අනුව සායනවලට සහභාගි වන ගර්භනීය කාන්තාවන්ට කලින් වේලාවක් වෙන්කර ගන්නා ලෙස ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය  අනිල් ජාසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.