කොරෝනා වෛරසය මැඩලීමේ ජාතික කර්තව්‍යය වෙනුවෙන් සඳහා සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන් ඔවුන්ගේ දායකත්වය සපයමින් පසුගිය (2) දින සන්ධ්‍යාවේ  සියලු පාර්ශවකරුවන්ගේ සහය ඇතිව මහජනතාව දැනුවත් කිරීමේ කෙටි චිත්‍රපටයක්
නිර්මාණය කරන ලදී. මේ වනවිට එම සියලුම නිර්මාණකරුවන්ගේ නාලිකා ඔස්සේ එම වීඩියෝව ජනප්‍රිය වී තිබේ.

යුද හමුදා මූලස්ථානයේදී හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ හමුවූ අතර එහිදී, වෛරසයේ අවධානම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම, සෞඛ්‍යාරක්‍ෂිත පුරුදු වල ඇති වැදගත්කම සහ ස්වයං නිරෝධායනය, සමාජ දුරස්ථභාවය යනාදි කරුණු පිළිබඳව සාකච්ඡා කර සමාජ මාධ්‍ය හරහා

ඔවුන්ගේ යුතුකම ඉටු කිරීමට සාකච්ඡාවක් පවත්වා තිබුණි. ඒ අනුව නිර්මාණය වූ මෙම ව්‍යාපෘතිය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව සඳහා අෂාන් ඔන්ලයින් , නවා , එවර් ලවිං , ජනයි-ප්‍රියයි, වස්ති , ස්ටුඩියෝ රැට්ටා , විගඩම, ට්‍රැවල් විත් වයිෆ් , චූටී මල්ලී ඇන්ඩ් පොඩි මල්ලී  යන ජනප්‍රිය යූ ටියුබ් නිර්මාණකරුවන් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී එක්රැස් වූහ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, වෛද්‍ය අශාන් පතිරණ සහ වෛද්‍ය කසුන් තාරක ද දායකවූ මෙම නිර්මාණයේ නිෂ්පාදන කටයුතු සඳහා ශ්‍රී ලංකා රූපවාහිණි සංස්ථාවේ දායකත්වය ද ලබා දී තිබිණි.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත එය පිළිගනුවනු ලැබූ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් මේ සමග පළවේ.
 නිර්මාණය කරනු ලැබූ වීඩියෝ පටය ඊට පහතින් දැක්වේ.