කොවිඩ් - 19 වෛරසය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් රජය විසින් දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් නිවාස වලට සීමා වී සිටින සිවිල් වැසියන්ගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීමේ අරමුණින්
කොවිඩ් - 19 රෛසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා සංගීත කණ්ඩායමේ සහභාගිත්වයෙන් ඉරිදා (5) දින සන්ධ්‍යාවේ රාජගිරිය, අයිකොනික් සිටි නිවාස සංකීර්ණයේ ජංගම සංගීත ප්‍රසංගයක් පැවැත්විණි.

මහල් නිවාස සංකීර්ණයන්හි ජිවත්වන ජනතාවගේ මානසික මට්ටම උසස් තත්ත්වයක පවත්වාගෙන යාමේ අරමුණින් අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ මාර්ගෝපදේශයට අනුව කොවිඩ් - 19 රෛසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිස් සංගීත කණ්ඩායම් මෙවැනි විනෝදාත්මක වැඩසටහන් ඉදිරියේදීත් පැවැත්වීමට නියමිතය.

මෙම ජංගම සංගීත වැඩසටහන ගීතවත් කිරීම සඳහා භාතිය, සන්තුෂ් සහ උමාරියා සිංහවංශ ද සහභාගී වූ අතර යුද්ධ හමුදා සංගීත කණ්ඩායම සමඟ එක්ව ඔවුන්ගේ ජනප්‍රිය ගීත තුලින් මෙම අවස්ථාව වර්ණවත් කළහ. මෙම අවස්ථාවේදී නිවෙස් වල සිටින සිවිල් වැසියන් ඔවුන්ගේ නිවෙස්හි සඳළුතල මත හිඳිමින් දෑත් ඔසවා ජාතික ධජ ලෙල දෙවමින් ඔල්වරසන් දෙමින් තම සතුට ප්‍රකාශ කලහ.