කොටහේන කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත කාන්තාවට රෝගය වැලදී ඇත්තේ දඹදිව සිට ආගමනේදී ගුවන් යානයේදී ඇය අසළ සිටි පුද්ගලයෙකු නිසා බවට වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සැක පළ
කළේය.
ගුවන් යානයේදී ඇය අසළ අසුන්ගෙන සිටි විදේශිකයා දිගින් දිගටම කැස්ස බවත් මේ නිසා ඇය වෙනත් අසුනකට යාමට ගුවන් සේවිකාවකගේ සහාය පැතූ බවත් පරීක්ෂණ වලදී පවසා ඇත.
ඇය ඇදුම රෝගයෙන් පීඩා විදිමින් සිටි නිසා ඇයට සාමාන්‍යයෙන් කැස්ස සෙම්ප්‍රතිශ්‍යා ගතියක් නිතර පවතින නිසා එම රෝග ලක්ෂණ වලින් කොරෝනා වෙන්කර හදුනාගැනීම දුෂ්කර වී තිබේ.

ඇය විදෙස් ගතව සිට පැමිණ නිරෝධායනයවී දින 33 කට පසු කොරෝනා ලක්ෂණ පෙන්නුම් කර තිබූ අතර ඇගේ පුතුන්ට රෝගය වැළදී ඇතිදැයි සැකයෙන් පරීක්ෂණ කළත් ඔවුන්ට වැළදී නොතිබිණි.