මාර්තු 10 දා වන විට කල් ඉකුත් වන රියැදුරු බලපත්වල කාලය කොවිඩ් – 19 වසංගතය අවසාන වන තෙක් දීර්ඝ කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.



මෙම තීරණය ගෙන ඇත්තේ කල් ඉකුත් වූ රියැදුරු බලපත්වල දීර්ඝ කල කාලය අප්‍රේල් 15 වෙනිදායින් අවසන් වීමෙන් පසුය.

මේ පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කරන ලෙස ද අමාත්‍යවරයා දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.