ද අප්‍රේල් 01 වනදා විහිළු කරන දවසක් ලෙස නම් කර තිබුණත් කොරෝනා වයිරසයට සම්බන්ධ අප්‍රේල් මෝඩයන්ගේ දින විහිළු සැළසුම් කරන ඕනෑම කෙනෙකුට දැඩි නීතිමය තත්වයන් ක්‍රියාත්මක වන බවත් සිර දඩුවම් පනවන බවත් ඇතැම් ආසියානු රටවල් දන්වා තිබේ.

වෛරසය ගැන විහිළු කරන ඕනෑම කෙනෙකුට වසර පහක සිර දඩුවමක් නියම විය හැකි බව තායිලන්තය අඟහරුවාදා අනතුරු ඇඟවීය.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සයිබර් ආරක්ෂණ

ඒකකය පැවසුවේ ව්‍යාජ කොරෝනා ප්‍රවෘත්ති පතුරවන ඕනෑම අයෙකුට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.
මහාරාෂ්ට්‍ර ස්වදේශ කටයුතු අමාත්‍ය අනිල් දේශ්මුක් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් “කොරෝනා” පිළිබඳ කටකතා / භීතිකාවන් පැතිරවීමට රජය කිසිවෙකුට ඉඩ නොදේ. “මෙවැනි අපරාධකරුවන්ට එරෙහිව කඩිනමින් හා දැඩි ලෙස ක්‍රියා කරන ලෙස” බලධාරීන්ට උපදෙස් දී ඇති බව ඔහු පැවසීය.
තායිවානයේ ජනාධිපති සයි ඉන්ග්-වෙන්න් ෆේස්බුක් සටහනක් මගින් කියා සිටියේ රෝගය පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන ඕනෑම කෙනෙකුට වසර තුනක සිර දඩුවමක් හා ඩොලර් 100,000 කට ආසන්න දඩයක් නියම කළ හැකි බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අන්තර්ජාලය තුළ සංසරණය වන කොරෝනා වයිරස් වැරදි තොරතුරු ව්‍යාප්ත කිරීම “ඉන්ෆොඩෙමික්” ලෙස නම් කර තිබේ.
අන්තර්ජාතික ඒජන්සිය පැවසුවේ වෛරසය හා සම්බන්ධ මිථ්‍යාවන් පැතිරීම නිසා අවදානමට ලක්විය හැකි පුද්ගලයින් රෝගය වැළඳීමේ අවදානම වැඩි කළ හැකි බවයි.
මේ අතර මෝඩයාගේ දවස පමණක් නොව ඉදිරි දිනද ඉලක්ක කර අසත්‍ය පතුරුවන අයට දැඩු දඩුවම් ලබාදෙන බවට අද දින ශ්‍රී ලංකා පොලිසියෙන්ද නිවේදනයක් නිකුත් විය.