කොරෝනා ආසාදනය නිසා පසුගියදා දැඩි සත්කාර ඒකකයට පවා ඇතුළු වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රතිකාර නිසා සුවය ලැබීම නිසා රෝහලෙන් පිටව ගොස් ඇත.

කෙසේ නමුත් ඔහු වහාම සේවයට නොපැමිණෙන බව ඩව්නිං වීදිය පවසයි.
55 හැවිරිදි ජොන්සන් පසුගිය ඉරිදා ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලට ගෙන ගිය අතර රාත්‍රී තුනක් දැඩි සත්කාර ඒකකයේ සිටියේය.
මාස දෙකකින් දරු ප්‍රසූතියට සූදානමින් සිටින අගමැති වරයාගේ පෙම්වතිය වන කැරී සිමන්ඩ්ස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “ අද මට ඇදහිය නොහැකි තරම් වාසනාවන්ත බවක් දැනෙනවා.“ ලෙසිනි.
ඇයටද කොරෝනා වයිරස් රෝග ලක්ෂණ සමඟ ස්වයං හුදකලා වී ඇති නමුත් අසාධ්‍ය තත්වයට ලක්වී පරීක්ෂාවට ලක් කර නොමැත.
විදේශ ලේකම් ඩොමිනික් රාබ් මේ වන විට  අගමැතිවරයාගේ වැඩ භාරව සිටින අතර ජොන්සන් මහතා මාසයක් පමණ විවේක ගනු ඇතැයි අපේක්ෂා කර තිබේ.