නැවත දැනුම් දෙනතුරු නීතිපති දෙපාර්තමේන්තුව වසා දැමීමට කටයුතු කර තිබෙයි.
එම දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු භාර අතිරේක සොලිස්ටර් ජනරාල්
ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන අධිකරණ සේවා කොමිෂන් සභාවට ලිපියක් යොමු කරමින් මේ බව දන්වා ඇත.

නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටි පෞද්ගලික ආරක්ෂක සමාගමක සේවකයින් හත්දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇත.
කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ. චන්ද්‍රපාල මහතා සඳහන් කළේ එම දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අංශයේ සේවය කළ පුද්ගලයෙකුගේ පෙම්වතියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස ඔවුන් නිරෝධායනය සඳහා යොමුකළ බවයි.
වාර්තා වන ආකාරයට ඒ කියන තැනැත්තිය එම ආයතනයේ  පිරිසිදු කිරීමේ සේවය සපයමින් සිටින්නියකි.