සීදුව යුද හමුදා විශේෂ බලකායට අයත් හමුදා කඳවුරේ කපිතාන් වරයෙකුට කොරෝනා වෛරසය ආසදනය වි
ඇති බව තහවුරු විමෙන්  ඊයෙ (25)  සවස කඳවුරේ 150 පරිසක් එම කදුවුරේ ස්වයං නිරෝධායනය

සදහා යොමු කළ බව සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක
සුරේශ් කුමාර මහතා පැවසිය.

නිරෝධායනයට ලක්කල පිරිස අතර නිලධාරීන්ද වන බව පැවසු පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා
කඳවුරේ කිසිම පුද්ගලයෙකුට එළියට යැමටත් ඇතලූ විමටත් තහනම්  කර ඇති බවද පැවසිය. නිවාඩු ගොස්
සිට නැවත පැමිණෙන කිසිවෙකුටත් කඳවුරට ඇතුල්විම තහනම්  කොට ඇති බවද ඔහු පවසා සිටියේය.

ආසදනයට ලක්වු නිලධාරියා සැක සහිත කෙරෝනා ලක්ෂණ පෙන්නුම් කල නිසා (24)  දින පීසිඅර්
පරික්ෂණයකට යොමුකොට ඇති බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

ජාඇල තිස්ස කොටින්කඩුව