[Trending][btop]
[News][stack]

කුරුණෑගල රෝහලින් තවත් කොවිඩ් ආසාදිතයන් 3ක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකුද කොරෝනා වෛරසය ආසාදනය වූවන් බවට අද තහවුරු වී ඇත.

ඉන් දෙදෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුබද්දාව දුම්මලසූරිය සහ නිකවැරටිය කොටවෙහෙර දිගන්නෑව
පදිංචිකරුවන්  වන අතර අනෙක් අය අලව්වට යාබදව පිහිටි කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොල
⁣වෙනිවැල්කඩුල්ල පදිංචිකරුවෙකි.
මේ අනුව අද දිනය වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන් සංඛ්‍යාව 13 දෙනෙකි.

ගීතාංජලී ප්‍රියදර්ශනී