කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (26) පැවැත්වූ මාධ්‍ය හමුවේදී යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහණ මහතා දැක්වූ අදහස්
මෙහි පහත දක්වා ඇත.
ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා -

ඉන්දියාවේ කොයිම්බතූර් (COIMBATORA) සිට පැමිණි UL-1194 දරණ ශ්‍රී ලන්කන් මගී ගුවන් යානය මගින් පුද්ගලයින් 113 දෙනෙකු අද (26) දින දිවයිනට පැමිණෙන ලදී. ඔවුන් අතර, නාවික හමුදා සාමාජිකයන්, රාජ්‍ය සේවකයින් සහ සිසුන් පිරිසක් ද ඇතුලත්ව සිටියි.

එසේ පැමිණි ඔවුන් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකිරීමට සියළු කටයුතු සූදානම් කරන ලදී.

තවද, ඉදිරි දිනයන්වලදී ද විදේශ රටවල උසස් අධ්‍යාපනය හැදැරීමට ගිය කණ්ඩායම් රජය විසින් සැලසුම් කරන පරිදි මෙරටට ගෙන්වා ගැනීමට නියමිතව ඇත.

අද (26) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 4507 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එසේම, ඊයේ (25) දින ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි හමුදා සාමාජිකයන් සහ සිසුන්, 166 දෙනා යුද්ධ හමුදා සහ නාවික හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන ක්‍රියාවලියට යොමුකරන ලදී.

ඒ අනුව ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 33 ක් තුළ පුද්ගලයින් 3053 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි.

තවද, අද (26) දින මේ දක්වා පුද්ගලයින් 11 දෙනෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බැව් හදුනාගෙන ඇත. එයින් එක් පුද්ගලයෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන ක්‍රියාවලියේ නිරතවූ පුද්ගලයෙක් හා අනෙකුත් පුද්ගලයින් 10 දෙනා වැලිසර නාවික හමුදා කදවුරේ නිවාඩු ගොස් මත සිටි අයවළුන් වේ. මේ අනුව වැලිසර නාවික හමුදා කදවුර තුළ ආසාදිතයට පත් රෝගීන් ගණන 68  දෙනෙකුත්,  ඒවගේම වැලිසර නාවික හමුදා කදවුරෙන් පිටත නිවාඩු මත සිටින විට ආසාදනයට ලක්වූ 27 දෙනෙකු ඇතුළුව නාවික හමුදාව තුළින් මේවන විට කොවිඩ්-19 ආසාදිත පුද්ගයින් සංඛන්‍යාව 95  දක්වා ඉහල ගොස් ඇත.
තවද, නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව රාජකාරී සිදුකරනු ලැබු නාවික හමුදා නිලධාරීයෙකු  මී උණරෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (25) දින මියගොස් ඇත. මෙම නාවික හමුදා නිලධාරිවරයා මියගොස් ඇත්තේ මී උණ රෝගයෙන් බවට මරණ පරික්‍ෂණයේදී තහවුරු වූ අතර, ඔහුගේ අවසන් කටයුතු අද (26) දින සිදු කරනු ලබයි.

ත්‍රිවිධ හමුදා සියළුම නිලධාරීන්ගේ සහ සෙසුනිලයින්ගේ නිවාඩු අද (26) දින සිට නැවත දැනුම් දෙනතුරු අවලංගු කර ඇත. තවද, නිවාඩු මත සිටින සියළුම නිලධාරීන් සහ සෙසුනිලයින් තම රාජකාරීන් සිදු කරනු ලබන කදවුරු වෙත වාර්තා කරන ලෙස දැනුම් දී ඇත. මේ අනුව නිවාඩු මත සිටින සියළුම ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හට ඉදිරි දිනයන්වලදී ඔවුන්ට අයත් සේවා ස්ථානවලට පැමිණිමට ත්‍රිවිධ හමුදාව විසින් ප්‍රවාහන පහසුකම් සපයා දීමට කටයුතු කරනු ලබයි.

ඒ වගේම, අද (26) දිනයේත් වැලිසර නාවික හමුදා කදවුර තුළ  PCR පරීක්‍ෂණ විශාල සංඛ්‍යාවක් කරනු ලැබු අතර, එහි වාර්ථා අද දින සන්ධ්‍යාවේ ලැබීමට නියමිතව ඇත. එසේම වැලිසර නාවික හමුදා කදවුරෙන් අද සහ ඊයේ දිනයේ නිවාඩු මත සිටි වීරෝධාර රණවිරුවන් කිහිපදෙනෙකු, විශේෂයෙන් කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වලින් සොයාගැනීමත් සමගම, එම ප්‍රදේශවල ජනතාව යම් කුතුහලයකට ලක්වී ඇති බැව් ලැබුණු දුරකථන පණිවිඩ මගින් ද තහවුරු විය.   එසේම, මේ වන තෙක් සිදු කරන ලද ක්‍රමවේදය ලෙස යම් රෝගියෙකු හමුවූ විට ඔහු සමීපව ඇසුරු කරනු ලැබු සියළුම පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක්කිරිම හෝ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර නිරෝධායනය කිරිම සිදු කරන ලදී. ඒ වගේම වීරෝධාර නාවික හමුදා සෙබළුන්ගේ පවුල්වල සියළුම අයවළුන් නිරෝධායනය කිරිම සඳහා නිරෝධායන කදවුරු වෙත ඇතුලත් කරන ලදී. එසේම ඔවුන් සමීපව ඇසුරු කළ අනෙකුත් සියළුම පුද්ගලයින් ද ස්වයං නිරෝධායනයට ලක් කිරිමටත් ඔවුන් ගැන සොයා බැලීමටත් සියළු කටයුතු සිදු කර තිබෙනු ඇත.

නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා -

දැනට ක්‍රියාත්මක වන ඇදිරි නීතිය හෙට අළුයම 0500 ඉවත්වනු ඇත. එසේ වූවත් කොළඹ, ගම්පහ, කළුතර, සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වල ඇදිරි නීතිය ඒ අයුරින්ම ක්‍රියාත්මක වේ. එම දිස්ත්‍රික්ක තුළ අත්‍යවශ්‍ය සේවා සඳහා වලංගු ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව ගමන් කළ නොහැක.
එසේම ඇදිරි නීතිය ලිහිල් කරන ලද ප්‍රදේශවල එනම්, අළුයම 0500 සිට රාත්‍රි 0800 දක්වා කාළය තුළ සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදී ඇති නිර්නායකයන්ට අනුව සේවක සංඛ්‍යාව, ප්‍රවාහන පහසුකම් සහ අනෙකුත් අවශ්‍යතා ඉටුකර ගැනීමට ආයතන ප්‍රධානින් ක්‍රියාකළ යුතුයි.

විශේෂයෙන්ම ඇදිරි නීතිය ලිහිල් කළ කාලසීමාව තුළ ඔබගේ ජාතික හැදුනුම්පතෙහි අංක අනුව සතියේ දින පහ තුළ රාකාරීන් සිදු කරනු ලබන ආකාරය සැබැදිව යම් ක්‍රමවේදයක් හදුන්වාදී ඇත. ඒ සඳහා බලපානුයේ හැදුනුම්පතෙහි අවසන් අංකය වන අතර , එහි 1 හෝ 2 වනුයේනම් සදුදා දිනයෙත්, 3 හෝ 4 වනුයේනම් අගහරුවාද දිනයෙත්. 5 හෝ 6, බදාදාත්, 7 හෝ 8,  බ්‍රහස්පතින්දාත් හා 9 හෝ 0 වෙන් අවසන් වේනම් සිකුරාදා වශයෙනුත් තම රාජකාරීන් සිදු කිරිම සඳහා මාර්ගයේ ගමන් කිරිමට අවසර ලැබෙනු ඇත.

කෙසේවෙතත් එම ක්‍රමවේදය තුළ කෘෂිකර්මාන්තය, රජයේ සහ පුද්ගලික ආයතන පවත්වාගෙන යාම, කුලි රැකියා හා දෛනික සාමාන්‍ය රාජකාරීන් සිදු කරනු ලබන පුද්ගලයින් සඳහා මෙය කිසිසේත්ම බල නොපවත්වයි.

එසේම, ඇදිරි නීතිය ලිහිල් කරන ලද කාලය තුළ සාද පැවැත්වීම, විනෝද චාරිකා, කණ්ඩායම් වශයෙන් එක්ව සිදුකරනු ලබන ක්‍රියාකාරකම්, විවිධ ආගමික උත්සව පැවැත්වීම, ක්‍රිඩා කටයුතු සිදුකිරිම හා සංගීත රාත්‍රින් යන ක්‍රියාකාරකම් සිදු කිරිම තහනම් වන අතර, එවැනි ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධවන පුද්ගලයින් නීරික්‍ෂණයට ලක්වූවහොත් නීරෝධායන රීතීන්ට අනුව දැඩි නීතිමය පියවර ගැනීමට පොලිසීය ක්‍රියාකරනු ලබයි. 

ඇදිරි නීතිය ලිහිල්වන ප්‍රදේශයන්හී යම් පුද්ගලයෙක් හෝ නිවසක් ස්වයං නිරෝධායනයට ලක්කර සිටීනම් ඔවුන්ට එම ස්වයං නිරෝධායන කටයුත්තෙන් පරිබාහිරව කටයුතු කිරිමට අවස්ථාවක් නොලැබෙන අතර, නිරෝධායන ක්‍රමවේදයට අනුව ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට ක්‍රියාකල යුතුයි.   
එසේම, විවිධ පුද්ගලයින් සහ කණ්ඩායම් මගින් ආගමික වෛරය, ජාතීන් අතර විසංවාදය ඇති කරන ආකාරයේ විවිධ ප්‍රකාශණ සමාජ ජාලා මධ්‍ය හරහා ප්‍රචාරනය කරන බැව් නිරීක්‍ෂණය වී ඇත. එවැනි පුද්ගලයින් සඳහා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුති පනත යටතේ අවුරුදු 07 ක සිර දඩුවමක් ලබා දිය හැකි වරදක් වේ. එවැනි සිද්ධින් 9 ක් සම්බන්ධයෙන් අපරාධ පරික්‍ෂක දෙපාර්තුමේන්තුව මගින් විමර්ශණ ආරම්භ කර ඇත.
තවද, අධි අවධානම් දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් ජනතාවගේ ක්‍රියාකාරකම් කුමන ආකාරයකට සිදුවන්නේද යන, ක්‍රමවේදයක් මැයි මස 4 වෙනිදායින් පසුව හදුන්වා දීමට යෝජිතව ඇත.