කොරෝනා වසංගතය අතරතුර  මූල්‍යමය වශයෙන් ශක්තිය නැති සියලුම සංචාරකයින්ට සහ විදේශීය සිසුන්ට වහාම ගෙදර යන ලෙස එරට අගමැති  ස්කොට් මොරිසන් විසින් පවසා තිබේ.
අගමැතිවරයා කියා සිටියේ
'හොඳ වේලාවක අමුත්තන් සිටීම සුන්දරයි', නමුත් මේක නරක වේලාවක් ඔවුන් පිටත්ව යාමට කාලය එළඹ තිබෙනවා.
ප්‍රමුඛ අවශ්‍යතාවයෙන් පෙළෙන ඕස්ට්‍රේලියානුවන්ට සහාය වීම උදෙසා අන් අය මෙහෙන් යා යුතුය. යනුවෙනි.
ඕස්ට්‍රේලියාවේ සංචාරක

කර්මාන්තය නැංවීම වෙනුවෙන් මීට කලකට පෙර සුවිශේෂ ප්‍රවර්ධන කාර්යයකට උර දුන් මොරිසන්ටම මේ ආකාරයට කියන්නට සිදුවීම දෛවෝපගත බව එරට මාධ්‍ය දන්වා තිබේ.
නමුත් දැන් එරට ඇමතිවරුන්ගේ අවධානය යොමු වී ඇත්තේ ඕස්ට්‍රේලියානුවන්ගේ ආර්ථික තත්වය කඩා නොවැටෙන තැනට තත්වය කළමනාකරණය කිරීමටය. වැඩ කරන අය වෙනුවෙන් ඩොලර් බිලියන 130 ක පැකේජයක් පොරොන්දු වී තිබෙන අතර බොහෝ අය තම තමන්ගේ රැකියා බිඳ වැටීම නිසා රජයෙන් සහන අපේක්ෂා කරන කාලයක් උදාවී ඇත.

 වසංගතය අතරතුර මූල්‍යමය වශයෙන් ආධාර කිරීමට නොහැකි විදේශීය ජාතිකයින්ට මෙහි තවදුරටත් රඳවා ගත නොහැකි බවත් පිටව යා යුතු බවත් ඔහු කියන්නේ මේ පසුබිමේ සිටයි.

“ශිෂ්‍ය වීසා බලපත්‍ර සහ විවිධ වීසා බලපත්‍ර විධිවිධාන යටතේ ඕස්ට්‍රේලියාවේ සිටින අය අනිවාර්යයෙන්ම එරට රඳවා නොගන්නා බව” ඔහු සිකුරාදා (3) දන්වා සිටියේය.
ඔවුන්ට සහාය දැක්විය හැකි අය (ස්පොන්සර්ස්) සිටී නම් ගැටලුවක් නැති බවත් එවැනි තත්වයක් නොමැති නම් ඔවුන්ට නැවත තම මව් රටට යාමේ විකල්පයට යායුතු බවත් දන්වා සිටියේය.

“හොඳ කාලවලදී ඕස්ට්‍රේලියාවට අමුත්තන් පැමිණීම කොතරම් සුන්දරද, එහෙත් දැන් ගතවන්නේ නරක කාලයක් සමහර විට ඔබ මේ රටේ අමුත්තෙක් නම්, මේ වන විට යාමට කාලය පැමිණ ඇත' ඔහු කියයි.


වැඩ කරන නිවාඩු වීසා මත ඕස්ට්‍රේලියාවට ගොස් සිටින සමහර සංචාරකයින්ට පලතුරු අහුලා ගැනීමේ හා වෙනත් කෘෂිකාර්මික කටයුතු වල නිරත විය හැකි බව අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය.
එහෙත්, කලාපීය ප්‍රදේශවලට යාමට පෙර ඔවුන් පළමුව ස්වයං හුදකලා විය යුතු බව ඔහු පැවසීය.

වර්තමාන වීසා රෙගුලාසි නැවත අවධාරණය කරමින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන සිසුන්ට මාස 12 ක් සඳහා ආධාර කිරීමට ප්‍රමාණවත් මුදල් ඇති බව ඔප්පු කළ යුතුයැයි කී ඔහු වීසා ලබා දී ඇති සිසුන්ට මෙම රීතිය ගැන දැන ගැනීමට හැකි වනු ඇති බවත්, ඔවුන් තමන් ගැනම බලා සිටිනු ඇතැයි අපේක්ෂා කිරීම අසාධාරණ නොවන බවත් ඔහු කීය.
මොරිසන්ගේ ප්‍රකාශයට අනුගත වෙමින් මේ වනවිටත් විදේශිකයින් හා සිසුන් එරටින් පිටත්වීම අරඹා ඇති බව විදෙස් වාර්තා දක්වා ඇත.