සුගියදා ඕස්ට්‍රේලියානු අගමැති මොරිසන් මහතා ජාතිය අමතා කළ ප්‍රකාශයේදී එරට සිටින මූල්‍ය ශක්තිය අඩු විදෙස් සංචාරකයින් හා විදෙස් සිසුන්ට මේ කරදරකාරී අවස්ථාවේ රටින් පිටවන ලෙස දන්වා සිටි අතර අනතුරුව විවිධ මාධ්‍ය ඔස්සේ
එම ප්‍රකාශය විවිධ ආකාර වලින් විස්තර කෙරිණි.

මේ අතර දැනට ඕස්ට්‍රෙලියාවේ අධ්‍යාපනය හදාරණ ශ්‍රී ලාංකික සිසුන්ගේ දෙමාපියන්ද කලබලවී ඒ ගැන විමසීම් කර තිබුණි.
මෙම කාරණාව සම්බන්ධව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රෙලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලී මහතා නිල වශයෙන් පැහැදිලි කිරීමක් කර තිබේ. එය පහත දැක්වේ.