වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට කොරෝනා ආසාදනයවී ඇති බව අද කළ පීසීආර් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති අතර ඒ අනුව මුළු ආසාදිත එකතුව 409 දක්වා
ඉහළ ගොස් ඇත.

ඊයේ මෙම කඳවුරේ 30 දෙනෙකුට ආසාදනය වී ඇති බව හඳුනාගත් අතර මේ අනුව එම කඳවුරේ පමණක් ආසාදිතයින් 60 කි.
ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයේ මත් ලෝලී තරුණයින් මෙල්ල කිරීමට හා නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමෙන් පසු මෙම පිරිසගෙන් කොටසකට ආසාදනය පැතිර තිබූ බව අනාවරණය විය.
මෙම පිරිස කඳවුරේ එකට වාසය කිරීමේදී තවත් ආසාදනය පැතිරෙන්නට ඇතැයි විශ්වාස කරන අතර ඊයේ සිට කොරෝනා මර්දන ඒකකය සිදු කරන මෙහෙයුමේදී මෙම පිරිසට සම්බන්ධ 4000 කට ආසන්න පිරිසක් නිරෝදායනයට යොමු කර ඇත.
ඊට අමතරව තවත් පීසී ආර් පරික්ෂනද මොවුන් ගැන කර තිබෙන අතර ඉදිරියේදී තවත් රෝගීන් හමුවීමට ඉඩ ඇත.