අද (25) දිනයේදී මේ දක්වා කොරෝනා ආසාධිත රෝගීන් 15 දෙනෙක් හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 435 ක් වනවා.



මෙලෙස වාර්තා වූ රෝගීන් 07 දෙනෙක් කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ සිට නිරෝධායනය සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් සිටි බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළා.

මිට අමතරව බණ්ඩාරනායක මාවතේ අද දිනයේදී සිදුකල PCR පරීක්ෂණ මගින් වයස අවුරුදු 12ක දරුවෙක් කොරෝනා ආසාධිතයෙක් බවට හෙළිවූ බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළා.

මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ සිදුකළ පරීක්ෂණ වලදී තවත් නාවික හමුදා සෙබළුන් 04 දෙනෙක්ටද කොරෝනා ආසාධනය වී ඇති බවට හෙළිවූ බවත් තවත් නාවික සෙබලෙකු මොණරාගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ආසාධිතයෙක් ලෙස හඳුනා ගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළා.