ව්‍යාජ ලෙස වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් රාගම සිට මාතරට පැමිණි තරුණයෙකු මාතර – මාලිම්බඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.



පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අදාළ තරුණයා රාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සුළු සේවකයෙකු ලෙස කටයුතු කර ඇති බවටයි.

ඔහු මෝටර් රථයේ ඉදිරිපස වෛද්‍යවරයෙකු ලෙස සඳහන් ලාංඡනයක් ද ප්‍රදර්ශනය කරමින් මෙලෙස මාලිම්බඩ ප්‍රදේශයට පැමිණ තිබූ අතර, ඔහු එම ප්‍රදේශයේම පදිංචි 34 හැවිරිදි අයෙකි.
ඔහු පිලිබඳ පවතින සැකය නිසා ඔහු ඇතුළු පවුලේ අය නිරෝධායනයටද ලක් කර තිබේ.