පොළොන්නරුව ප්‍රදේශයෙන් අද (22) වාර්තා වූ කොරෝනා වෛරසය ආසාධිත වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ සෙබළා එලෙස පරීක්ෂණයෙන් ධනාත්මකවීමත් සමග

 පොළොන්නරුව – ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 12ක් හුදකලා කර ඇතැයි වාර්තාවේ.

මෙම සෙබලා ඉකුත් අප්‍රේල් මස 17 වෙනිදා කඳවුරේ සිට නිවාඩු ලබා පොළොන්නරුව, පුලස්තිගම ප්‍රදේශයේ පිහිටි සිය නිවස බලා ගොස් ඇති අතර එහිදී ඇතිවූ අසනීප තත්ත්වයක් මත අප්‍රේල් 20 වෙනිදා රෝහල් ගතව ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කළේය.

ඊට අමතරව එම සෙබළාව කඳවුරු භූමියේදී සමීපව ඇසුරු කළ පුද්ගලයින් කවුරුන්ද යන්න මේ වන විටත් සොයා බලමින් සිටියි.