මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රථම කොරෝනා රෝගියා ඊයේ (25) සෙවනගල සමගිපුර නෙළුම් සිරි ගම ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා.



ඔහු පසුගිය 18 වනදා වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩු පැමිණි නාවික සෙබලෙක් බවත්, ඔහුට කොරෝනා රෝග ලක්ෂණ පහල වීම නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඔහු මොණරාගල රෝහලට පසුගිය 24 වනදා ඇතුලත් කෙරුණා.

සෞඛ්‍ය අංශ එහිදී සිදුකළ P.C.R.පරීක්ෂණ වලදී ඔහු කොරෝනා ආසාදිතයකු බව අනාවරණය වී තිබෙනවා.

කොරෝනා වැළදුන නාවික සෙබලා විශාල පිරිසක් ඇසුරු කර ඇති අතර ඔහුගේ බිරිඳට කොරෝනා රෝග ලක්ෂණ පහල වී ඇති ඇයද  P.C.R. පරීක්ෂණ සදහා යොමු කර තිබෙනවා.

මොවුන් ආගිය තැන් ඇසුරු කළ අය පිළි්‍බඳව සොයා ඔවුන් ද නිවාස තුළම නිරෝධායනය සදහා යොමු කිරීමට කටයුතු කෙරුණා.