ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ හරහා දුම්රිය ධාවනය අත්හිටුවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව හෙට සිට මහව සිට අලව්ව දක්වාත්, බෙලිඅත්ත සිට බෙන්තර දක්වාත්, උඩරට මාර්ගයේ මහනුවර සිට පොල්ගහවෙල දක්වාත් දුම්රිය කිහිපයක් පමණක් ධාවනය වන බව එම දෙපාර්තමේන්තුව පැවසී ය.

වාර්තාවන ආකාරයට ධාවනය වන්නේ
මහව-පොල්ගහවෙල
නුවර- පොල්ගහවෙල
බෙලිඅත්ත-ඉඳුරුව
ගාල්ල-ඉඳුරුව
පමණි. හෙට දින(20) ධාවනය වන දුම්රිය 04ම උදෑසන 6.00ට ගමන් අරඹනු ඇති බවත් හෙට දින මගීන්ට නොමිලයේ දුම්රිය භාවිතා කළ හැකි බවත් වාර්තා විය.

කෙසේ වෙතත් කැළණිවැලි දුම්රිය මාර්ගයෙත්, පුත්තලම මාර්ගයේත් දුම්රිය ධාවනය නොවන බවත් ලබන 22 වනදායින් පසු දුම්රිය කාලසටහන වෙනස් විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


මේ අතර මාර්තු මාසයේ මිලදී ගත් දුම්රිය වාර ප්‍ර වේශපත්‍ර අප්‍රේල් මාසයටද වලංගු බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසී ය.

හෙට සිට (20)  දුම්රියේ ගමන් කළ හැකි වන්නේ රාජකාරි හැඳුනුම්පත් ඇති පිරිසට පමණක් බව එම නිලධාරියා පෙන්වා දුන්නේය.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද සවස පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹි බවත්, ජනාධිපතිවරයගේ උපදෙස් මත ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශ හරහා දුම්රිය ධාවනය අත්හිටවූ බවත් රජයේ ආරංචි මාර්ග පවසයි.

හෙට (20) දිනයේදී පිට පළාත්වල සිට කොළඹටත්, කොළඹ සිට පිට පළාත්වලටත් දුම්රිය ගමන්වාර 46ක් පැවැත්වීමට කලින් තීරණය කර තිබිණි