ප්‍රවාහන සේවා  අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (19) දින පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙට (20) සිට  බස් රථ ධාවනය සිදුවන හැටි මෙසේ විස්තර කළේය.



1 බස් රථ 5700ක් දුම්රිය 22 දාසිට ගමන්වාර 400ක් යොදා තිබේ

2 සෑම බස්රථයකම දුම්රියකටම  ඇතුලත් කර ගනු ලබන්නේ සේවා සැපයීම සඳහා සහභාගි වන්නන් පමණි. සාමාන්‍ය ජනතාව ප්‍රවාහනය කිරීමක් කිසිසේත්ම සිදු නොවේ.

3 අත් සෝදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය බස් රථ හා දුම්රියවල සපයන අතර අනවශ්‍ය පුද්ගලයින් පොදු ප්‍රවාහණ සේවාවන්හි ගමන් කිරීම වැලැක්වීම සඳහා ආරක්ෂක අංශවල සහාය ලබා දෙනු ඇත.

4 බස් රථවල ගමන් කළ හැක්කේ එක් ආසනයක එක් අයෙක් පමණි. ඔවුන් අසුන් ගත යුත්තේද සිග්සැග් ක්‍රමයටය. ඒනම් පළමු ආසනයේ මුල් ආසනයේ වාඩි විය හැකි අතර දෙවැන්නා දෙවන ආසනයේ කෙළවර වශයෙනි.

5 දැනට ඇඳිරි නීතිය බලපවත්වන කොළඹ, ගම්පහ, කලුතර වැනි දිස්ත්‍රික්කවල දුම්රිය හෝ බස් රථ ධාවනය සඳහා නොයොදවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් දී ඇත. ඒ අනුව 22 දින දක්වා ඇඳිරි නීතිය බලපවත්වන දිස්ත්‍රික්කවල දුම්රිය හෝ බස් රථ ධාවනය සිදු නොවේ.

6 අන්තර්පළාත් බස් රථ සේවාවන් දැනට ක්‍රියාත්මක නොවන අතර ඒ්වා 22දායින් පසුව ක්‍රියාත්මක කරන අතර ඒවාද අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් යොදවනු ලැබේ. ඒ්වායේ ගමන් කරන පුද්ගලයින්ට විශේෂ ටොකන් කාර්ඩ් පතක් නිකුත් කරනු ලැබේ.ජාතික ගමනාගමන කොමිසම විසින් එම ටොකන් පත සකස් කරමින් පවතී.

එමෙන්ම මීට අමතරව සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම සඳහා මෙන්ම වෛරසය බෝවීම වැලැක්වීම සඳහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් ලබා දී ඇති සියලුම නිර්දේශ ක්‍රියාත්මක කෙරේ.

එමෙන්ම ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක්  සිදු නොකරන අතර රාජ්‍ය සේවකයින්ට තමන්ට අයත් සීසන් ටිකට්පත ඒ් සඳහා භාවිතා කළ හැකිය. මාර්තු මාසයේ සීසන් ටිකට්පත ඒ් සඳහා වලංගුවේ.

ඒමෙන්ම සීසන් ටිකට් පත නොමැති නම් අවශ්‍ය විටෙක පමණක් ප්‍රවේශපත් නිකුත් කළ හැකි අතර ඒ් සඳහා මාරු කාසි රැගෙන ආ යුතුය.

මෙම සියලුම කරුණු මහජනතාවගේ ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක කරන අතර කිසිසේත්ම  සේවා සැපයීමට පැමිණෙන පුද්ගලයින් අපහසුතාවයට පත් කිරීමට නොවන කී අමාත්‍යවරයා කිසියම් අඩු ලුහුඩුතාවයක් සිදු වුවහොත් ඊට සමාව ඉල්ලන බව ද කීය.