ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකික සිසුහු 163 දෙනෙක් අද (25) දිවයිනට පැමිණියා.



අද පස්වරු 2.25ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට සිසුන් රැගත් විශේෂ ගුවන්යානය කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබෙනවා.

එම විශේෂ තුවන් යානයෙන් සිසුන් 166 දෙනෙකු මෙරටට පැමිනීමට නියමිතව තිබුණා.

නමුත් සිසුන් තිදෙනෙකු ගමන සඳහා සූදානම්ව නොසිටීම හේතුවෙන් සිසුන් 163 දෙනෙකු පමනක් රැගත් ගුවන් යානය දිවයිනට පැමිණියා.

එලෙස දිවයිනට ගෙන්වා ගත් සිසුන් දින 21 ක කාලයක් නිරෝධායනයට ලක් කෙරෙන අතර, PCR පරීක්ෂණ සඳහා ද යොමු කිරීමට කටයුතු කෙරෙනවා.

වාර්තාකරු – ටී.කේ.ජී කපිල (කටුනායක)