සිකුරාදා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ හිටපු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මෙලෙස කියා තිබේ.



“මැතිවරණයක් පවත්වන්නේ රටේ සහ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා. ඒ නිසා මැතිවරණයට තියෙන බාධා මොනවද කියලා බලලා ඒවට අපි මුහුණ දෙන්න ඔනෙ. ඩෙංගු වලින් 106ක් මැරුණා කියලා රට වහලා තිබ්බෙ නෑ.

කොරෝනා වලට අවශ්‍ය සියලුම කටයුතු කරලා තියෙන නිසා රට ස්ථාවර භාවයට පත් කරන්න ඡන්දයක් තියන්න. මැතිවරණයක් පැවැත්වූවේ නැත්තන් එන ප්‍රශ්නෙ මැතිවරණයක් පැවැත්වුවොත් එන ප්‍රශ්නෙට වඩා ඉතා විශාල එකක්. ඕන නම් දවස් දෙකක් ඡන්දය තියමු. ජූනි මාසෙ දෙවෙනිදට කලින් මැතිවරණය පවත්වන්න පුළුවන්”