විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීමේදී පාසල් පාදක ඉසෙඩ් ලකුණු ක්‍රමයක් හඳුන්වාදීම ලබන වසර (2021) දක්වා කල් දැමීමට සිදුවී තිබේ.

ඊට අදාළව පාසල් වර්ගීකරණය කර අවසන් කිරීමට නොහැකිවීම මීට හේතුවී ඇත.

මෙම ක්‍රමය සඳහා පළමු දෙවැනි හා තෙවැනි වශයෙන් අදියර තුනක් යටතේ පාසල් වර්ගීකරණය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති අතර ඊට අවශ්‍ය කටයුතු මේ දිනවල සිදුවෙයි.

එහෙත් කඩිනමින් එම කටයුතු අවසන් කිරීමට හැකියාවක් නැතැයි එම ව්‍යාපෘතියට සම්බන්ධ නිලධාරියෙක් පැවැසීය.

නව අධ්‍යයන වර්ෂය (2019 2020) සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමට මෙම සතියේදී අයැදුම්පත් කැඳවීමට නියමිත අතර එම සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කෙරෙන්නේ දිස්ත්‍රික් මට්ටමින් සකස් කෙරෙන දැනට පවතින ඉසෙඩ් ලකුණු ක්‍රමය අනුවය.