ද දිනයේ රජයේ නිවේදන මගින් සඳුදා නිවාඩුව දීර්ඝ නොකිරීම සම්බන්ධයෙන් විවේචන එල්ල විය. මැතිවරණය නිසා එසේ කළ බව කියමින් රජයට එරෙහිව සමාජ මාධ්‍ය තුළ කතාබහක් මතු විය.
මේ අතරවාරයේ කොරෝනා වෛරසය සම්බන්ධ පවතින අන්තරායකාරී තත්වය පාලනය කිරීමට සති දෙකක කාලයක් රටේ සියලු කටයුතු අක්‍රීය කළ යුතු බවට
ඇමති විමල් වීරවංශ සදුදා රාත්‍රියේ සිය නිල ෆේස් බුක් ගිනුම ඔස්සේ අදහස් දක්වා තිබේ.
ඔහුගේ පණිවිඩයේ පහත කරුණ පළවන අතර කොමෙන්ටු දෙකක් දක්වමින් ඔහු පවසා ඇත්තේ තමාගේ මතය ජනපතිට දැන්වූ බවත් බොහෝ විට හෙට (17) උදෑසන
මෙම තීරණය රජය ලබාගනු ඇති බවත්ය.

විමල්ගේ පණිවිඩය පහත පරිදිය.

කොරෝනා වයිරසය අපේම ඇතැම් අයගේ( ශ්‍රී ලාංකිකයන් ගේ ) වගකීම් විරහිතව ක්‍රියා කිරීම හේතු කොට ගෙන දැන් පැතිර යාම පාලනය කිරීමට දැඩි තීන්දු ගත යුතුය . වහාම සති දෙකක කාලයකට රටේ සියලු කටයුතු අක්‍රිය කළ යුතුය . ( අත්‍යවශ්‍ය සේවා ආරක්ෂක අංශ වලින් සිදු කළ යුතුය ) මැතිවරණ වලට වඩා ජනතාවගේ සාමූහික පැවැත්ම අපට වැදගත් ය.