පසුගිය දිනවල 'උකුස්සා' කතාවක් සමග පොහොට්ටු හා ශ්‍රීලනිප මතභේද උග්‍රවූ අතර නාමයෝජනා නම් කිරීමේදී මුතුහෙට්ටිමග වැනි ශ්‍රීලනිප ඇතැමුන්ගේ නම් කැපී තිබුණි. මේ අනුව ප්‍රමාණවත් තරම් තම
තරගකරුවන්ට අවස්ථාව නොදේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කිරීමට යොමු වන බව අද (16) මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේ පැවති දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණය වී ඇත.
මූලික පියවරක් ලෙස දිස්ත්‍රික්

නායකයන්ද නම් කර ඇති අතර හෙට දහවල් වනවිට පොහොට්ටුව අදාළ ගැටලුවට සාධාරණයක් නොකරන්නේ නම් තනිව තරග කිරීමට යොමු වන බව තීරණය කර ඇත.
හෙට දහවල් 12ට දේශපාලන මණ්ඩලය රැස්වී වෙනම ඉල්ලීමේ තීරණය ගැනීමට නියමිතයි.
කොළඹට ජීවන් කුමාරතුංග නායකයා වන අතර උප නායකයා ගාමිණී තිලකසිරි මහතායි.
කුරුණෑගල නායකයා දයාසිරි ජයසේකර වන අතර උප නායකයා ශාන්ත බණ්ඩාරයි.
අනුරාධපුරට දුමින්ද දිසානායක නම් කර උප නායකයා වීරකුමාර දිසානායකයි.
ගාල්ලේ නායකත්වය ශාන් විජේලාල්ටත් කළුතර ට රන්ජිත් සෝමවංශ ත් ගම්පහට ලසන්ත අලගියවන්නත් නම් කර තිබේ.