ප්‍රවීණ ගුවන් විදුලි නාට්‍ය ශිල්පී, රූපවාහිනී හඬකැවීම් ශිල්පී, උලප⁣නේ ගුණසේකර මහතා අභාවප්‍රාප්ත වූයේය.

 සූර පප්පා කාටූන් කතා මාලාවේ වෙද පප්පා, මණ්ඩුක භවන කාටූන් කතා මාලාවේ මහතුන් , පැංචා කාටූන් කතාවේ වලස් රාල ,අපි රජ ඉබ්බෝහි මාස්ටර් චරිතයට ඔහු පණ පෙවීය.
තවත් බොහෝ චරිත ගණනාවකට හඩ කැවූ උලප⁣නේ ගුණසේකර මහතා කූඹියෝ ටෙලි නාට්‍යයේ චරිතයකටද පළ පෙවීය. හංවැල්ලේ වාසය කළ ගුණසේකර මහතාගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතයි