1998 රිලීස් වෙච්ච ‘‘ගුලාම්‘‘ චිත්‍රපටිය ඔබට මතකද? හින්දි ත්‍රිලර්  එකක් වෙච්ච මේ චිත්‍රපටියේ ‘‘ ඒයි ක්‍යා බෝලෝ තුම්.......‘‘කියන ඩුවට් එක අදටත් බොලිවුඩයේ විතරක් නෙවෙයි ලංකාවේත් හිට් එකක්. අල්කා යාග්නිග් කියන සුපිරි හින්දි ගායන තරුවත් එකක් මේ සින්දුව කියන ගායකයා කවුද කියලා ඔයා දන්නවාද? එයාගේ නම ඇහුවොත් ඔයා පුදුම වෙයි. ඒ තමයි
ඉන්දියානු තරුණියන්ගේ හිතේ එදත් අදත් මේ මොහොතේත් හොල්මන් කරන සිහින කුමාරයා අමීර් ඛාන්.

අමීර් ඛාන් කියනනේ සුපිරි නළුවෙක් වුණත් ගුලාම් චිත්‍රපටියත් එක්ක අමීර් සුපිරි ගායන හැකියාවක් තියෙන තරුවක් විදිහට මුලු ලෝකෙම හඳුනා ගත්තා. මං මේ කතා කරන්න යන්නේ අමීර් ඛාන් ගැන නං නෙවෙයි. අමීර් ඉන්දියානු තරුණියන්ගේ හිත් වල හොල්මන් කරන තරමටම අපේ රටේ තරුණියන් ගේ හීන කුමාරයා වෙලා ඉන්න රවීන් කණිෂ්ක ගැන පොඩි ආරංචියක් කියන්න.

අමීර් ගයනකොට ලෝකෙම පුදුම වුණාට රවීන්ට  ගායනේ කියන්නේ ගේමක් ම නැති එකක්. මොකද රවීන් අපේ කෙල්ලන්ගේ හීන කුමාරයා වෙන්න කලින් ‘‘සිහින තරුව‘‘ වුනානේ.  ඒ විදිහට පළවැනි ඉනිම සාර්ථක ව ඉවර කරපු රවීන් දෙවැනි ඉනිම පටන් ගන්නේ නළුවෙක් විදිහට. අද රවීන් කියන්නේ සුපිරි ගායකයෙක් විතරක් නෙවෙයි සුපිරි නලුවෙක්.

ආ පොඩ්ඩක් ඉන්න රවීන්ගේ අලුත්ම  වැඩේ කියන්න කලින් අපි ආයිත් පොඩ්ඩකට ‘ගුලාම්‘ පැත්තට ගිහින් එමු. ගුලාම් එකේ අමීර් එකක් රග පැවේ රානි. රානි මුඛර්ජි කියන්නෙත් අදහාගන්න බැරි තරම් සුන්දරත්වයක් තියෙන සුපිරි නිලියක්. අමීර් ක්‍යා බොලෝ තුම් කියලා අහනකොට ... රානි උත්තර දෙනවා ක්‍යා මේ බෝලෝ කියලා. හැබැයි ඇත්තටම නං ඒ හඬ රානිගේ නෙවෙයි. රානි වෙනුවට හඬ දෙන්නේ  අල්කා යාග්නිග්. අමීර්ට ගයන්න පුලුවන් වුණාට රානිට ගයන්න බෑ.

හින්දි සිනමාව ගත්තාම ආරම්භයේ ඉඳලාම හුගක් නලුවෝ නිළියෝ රගමින් ගයලා තියෙනවා. 40 දශකයේ හිටපු  සුපිරි නලුවෙක් වෙච්චබ සෙයිගල්ගෙන් පටන් ගත්තාම සුරයියා, නූර්ජහන් රගමින් ගයපු සුපිරි නිළියෝ විදිහට ඉතිහාස ගත වෙනවා. නමුත් මෑත ඉතිහාසයේ අමිත්බ්භච්චන් ඊට පස්සේ අමීර්ඛාන් වගේ නලුවෝ ගයමින් රැගුවට මෑත කාලේ අපිට සුරයියාලා, නූර්ජහන්ලව හමු වෙන්නේ නෑ. ඒ නිසා බොලිවුඩයේවත් නෑ සින්දු කියන්න පුලුවන් නිලියෙක්.එහෙනං ලංකාවේ ඉදියිද?

ඔවු ඉන්නවා. ඉනිදියාවේ සුරයියා, නූර්ජහන්ට නොදවැනි සූරූපී ගායන රංගන තරුවක් අපිට  ඉන්නවා. ඒ තමියි නම කිව්වත් අපේ රටේ කොල්ලන්ගේ ඇගේ මයිල් කෙලින් වෙන ශනූ. ශනූද්‍රි ප්‍රියසාද්. ශණු දෙවැනි ඉනිමේ දීපූ දීමනාව ඕගල්ලන්ට මතක ඇතිනේ. කෙල්ලගේ රංගනේට දෙවැනි නෑ ගායනේ.

දැන් එතකොට මොකද්ද මේ රවීන් ගැන දෙයක් කියන්න ඇවිත් හිටපු ගමන් ඒක මැද්දට ශනුද්‍රිව ගෙනත් දැම්මේ කියලා ඔයා බලනවා ඇති. ඒක තමයි මේ කියන්න යන්නේ.  රවීන් ගේ කතාව කියන්න බෑ ශනූ ව නැතුව. මේ කතාවේ ඒ දෙන්නා ගහට පොත්ත වගේ ඇලිලා ඉන්නේ. ඒ නිසා ඒ දෙන්නව මේ සීන් එකෙන් අයින් කරන්න මට නෙවෙයි මහ බඹාටවත් බෑ. ඒ තරමටම මේ දෙන්නා ආදරෙන් බැඳලා ඉවරයි.

ලංකා වේ රූපන කලාවේ පරිවර්ථනීය කඩඉමක් විදිහට තමයි 40 දශකයේ තිරගත වෙච්ච කඩවුණු පොරොන්දුව චිත්‍රපටිය අපි සලකන්නේ. මොකද ඒ තාක්කල් ලංකාවේ තිබුණු  නෘත්‍ය හා නට්‍ය සංස්කෘතිය සෙලොයිලයිඩ් පටියක සනිටුහන් කරන්නේ කඩවුනු පොරොන්දුවෙන්. එදාඉන්දියාවේ සෙයිගල් ලා සුරයියලා වෙගේ අපේ රුක්මනීලා එඩීලාත් කඩවුණු පොරොන්දුවේ ගයමින් රැගුවා.

ඒ පාර ශනුගෙයි රවීන්ගෙයි ආදර කතාව මැද්දට කඩවුණු පොරොන්දුවක් ගෙනාවේ ඇයි කියලානේ  ඔයා ඔය අහන්නේ. ඒ දෙන්නට දෙන්නා දීපු පොරොන්දුව කඩ වෙයි ද කියලා මම දන්නේ නෑ, හැබැයි මෙතැනට කඩවුනු පොරොන්දුව වැදගත් වෙන්නේ. 40 දශකයේ කඩ වුනු පොරොන්දුවත් එක්කලංකාවේ රෑප මාධ්‍යෙය් වුණු පරිවරථනයෙන් පස්සේ අපේ රටේ  විතරක  නෙවෙයි මුලු ලෝකෙම රූප මාධයේ  සිදු වන දැවැන්තම පරිවර්ථනය මේ වන විටත් ශනුයි රවීනුයි හරහා ceyflix  ෆැලැට් ෆෝම් එකෙන් කරගෙන යන නිසා

ඒ තමයි ලෝකේ පළමු වතාවට ටෙලිනාට්‍යයක ප්‍රධාන භූමිකාව කරන නලුවයි නිළියයි ගායනා කරමින් රගපාන එක. පැනි බේරෙන ආදර කතාවක් වන මේ ටෙලියේ කෙල්ලයි කොල්ලයි තමයි අපේ රවීනුයි ශනුද්‍රියි. , ඉන්දියාවේ අමීර් ගේ තැන අපේ රවීන්. සුරයියාගේ තැන අපේ ශනූ. ගුලාම් වගේද අපේ .........එක.  .ඔන්න මේ තරම් දවසක් බලාගෙන හිටපු kiss අද හැමෝටම බලාගන්න දොරටු විවර කළා......................

අපේ ceyflix youtube චැනල්   මතක ඇතුව එක subscribe කරලා තියාගන්න ....................
kiss තේමා ගීතයේ ගායනය මුලදී කිවුවා වගේම රවීන් කණිෂ්ක සහ ශනුද්‍රි ප්‍රියසාද්
ඒවගේම මෙහි පදරචනය රචිතා වාකිෂ්ඨ, සංගීතය තිළිණ  රුහුණගේ