ලංකාවෙන් හමුවූ පළමු හා දෙවැන කොවිඩ් ආසාදිතයින් සුවය ලබා ඇති බවට වාර්තා පළව තිබේ. මේ ගැන ඊයේ මාධ්‍ය සාකච්ඡාවේදී කරුණු දැක්වූ වෛද්‍ය අනිල් ජාසිංහ සංචාරක මගපෙන්වන්නෙකු ලෙස කටයුතු කරන ජයන්ත රණසිංහ පළමු රෝගියාගේ තත්වය සුව අතට හැරී
ඇති බව සහ බරපතල ලක්ෂණ

කිසිවක් පෙන්නුම් නොකරන බව දන්වා සිටියේය.
ඔහුගේ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන පුතුද කොරෝනා සැකයට පරීක්ෂණ සිදු කළත් එම රෝගය වැළඳී නැති බව තහවුරුවීමෙන් පසු නිවස බලා ගොස් තිබුණි.
මේ අතර පළමු කොරෝනා රෝගී තත්වය පෙන්නුම් කළ ජයන්ත රණසිංහ මහතාගේ මිතුරෙකු වූ සංචාරක මගපෙන්වන දෙවැනි රෝගියා සහ පවුලේ අය දෙදෙනෙකුටද කොරෝනා වැළඳුන අතර ඒ අය අතරින් සංචාරක මග පෙන්වන දෙවැනි රෝගියා සුවය ලබා ඇති බව රජයේ සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා  ගාල්ලේ පැවැති වැඩසටහනකින් අනතුරුව ඊයේ (17දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසීය.