මෙරටින් හඳුනාගත්  නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් අතර අවුරුද්දයි මාස 5 ක දරුවෙකුද
සිටින බව සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ.

මෙම දරුවාගේ මවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ගෙන ඇත.
පියාටද වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්‍ෂා කරමින් සිටියි. ඔවුන් ඉතාලියේ සිට මෙරටට පැමිණි පවුලකි.
වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගැණුනු ඔවුන් අංගොඩ IDH රෝහලට රැගෙන ඒමට කටයුතු යොදා ඇති බවද වාර්තා විය.