දුරකථනය සංකේතය යටතේ සමගි ජන බලවේගය සන්ධානයෙන් තරඟ වදින බව එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස කන්ඩායම සහ තවත් පක්ෂ කිහිපයක් පසුගියදා තීරණය කරන ලද්දේ එජාපයේ සහාය එයට ලබා නොගෙනය.
අර්බුද විසඳාගෙන එජාපයේ
සහය එයට ලබාගත හැකිවනු ඇතැයි

සජිත් කල්පණා කර තිබූ අතර එජාපය එයට විසදුම ලෙස දන්වා සිටියේ අලියා ලකුණින් මිස වෙනත් ලකුණකින් එන්නට බැරි බවකි.

මේ අතර එළඹෙන මහ මැතිවරණයට එජාපය වෙනම තරඟ කරන බව එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයාට දන්වා තිබේ.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියාවසම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට නිල වශයෙන් ලිපියක් යවමින් දිවයිනේ දිස්ත්‍රික්ක 22 ම තරග කරන බව දන්වා තිබේ.
මෙම වෙනස නිසා බිම් මට්ටමින් එජාප සාමාජිකයින්ට පිල් දෙකකට බෙදීමට සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි සඳහන් කරයි.