කොළඹ හතේ පිහිටි කාන්තා විද්‍යාලයට අනවසරයෙන් ඇතුළු වූ කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් 20කට අධික පිරිසක් කොල්ලුපිටිය පොලිසිය මගින් ​ඊයේ (3 වැනිදා) අත්අඩංගුවට ගෙන
දැඩි ලෙස අවවාද කොට මුදාහැර තිබේ.

මීට අමතරව නිදහස් චතුරශ්‍රය අසල ගැවසෙමින් සිටි සිසුන් 10 දෙනෙකුට අධික පිරිසක්ද කාන්තා පාසල්වලට ඇතුළු වීමට උත්සාහ දරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි. එම සිසුන් පිරිසද කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් විසින් දැඩිලෙස අවවාද කොට මුදාහැරීමට පියවර ගෙන ඇත.

රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර ක්‍රිකට් තරගාවලිය උණුසුම මැද මෙම සිදුවීම වාර්තා වී ඇත.

හේමන්ත ලියනපතිරණ