ස්ත්‍රී දූෂණ චෝදනා දෙකක් සහිත හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්ප කුමාර හෙවත් රත්තරන්  රංචු ගැසී චින ජාතික කාන්තාවක් දුෂණය කළැයි යන එක් චෝදනාවකට ලක්ව නිදැල්ලේ සිට මාස 10 කට පසු ඊයේ අත්අඩංගුවට පත්වූ අතර ඊයේම ඇප මත නිදහස් විය.
  හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්ප කුමාර හෙවත් රත්තරන් (පො.පෙ) සහ ඔහුගේ රියදුරු වන විතානගේ කැලුම් සමීර හෙවත් සුදා යන සැකකරුවන් දෙදෙනා
මෙම චෝදනාවට ලක්විය.
ලංකාවේ ප්‍රධාන පෙළේ දේශපාලකයින්

සමග සමීප සම්බන්ධයක් පවත්වා යන නම ගිය කට්ටඩි මහතෙකු ලෙස ප්‍රකට ක්‍රිෂාන්ත පුෂ්පකුමාර තිස් හය හැවිරිදි චීන ජාතික කාන්තාවක් දූෂණය කිරිමේ සිද්ධිය පසුගියදා විශාල ආන්දෝලනයකට පත්විය.දූෂණයට ලක්වූ බව කියන චීන ජාතික කාත්තාව 2018 වසරේ ලංකාවට පැමිණ ඇති අතර ඇය පළමුවන සැකකාර මන්ත්‍රීවරයා හඳුනාගෙන ඔහුගේ නිවසේ ටික කලක් නතරව සිට පසුව ගාල්ල කළුවැල්ලේ නිවසක නතරව සිටිය දී මෙම දූෂණ සිද්ධිය සිදුවී ඇත.
රංචු ගැසී තිස් හය හැවිරිදි චීන ජාතික කාන්තාවක් දූෂණය කිරිම සම්බන්ධයෙන් රත්තරං හා රියදුරු යන සැකකරුවන් දෙදෙනාට එරෙහිව ඇය පැමිණිල්ල ගොනුකර තිබුනේ 2019 මැයි 3වැනිදා වන අතර ඒ සම්බන්ධ නඩු විභාගයේදී රත්තරන් පවසා තිබුනේ ඇය සිය කැමැත්තෙන් අඹුසැමි සබඳතා පැවැත්වූ බවයි. නමුත් එය එසේ නොවන බවට ඇය පසුව තර්ක ගෙන හැර පෑවාය.
මෙම නඩුව යන අතරවාරයේම වයස අවුරුදු 14 ක බාල වයස්කාර දැරියක් බරපතල අපයෝජනයකට ලක් කළ බවට චෝදනාවක් රත්තරන්ට එරෙහිව ඉදිරිපත් විය. සිය නිවසේ පවත්වා යන දේවාලයේ වැඩකට දෙමාපියන් සමග ආ දැරියකට මෙම අතවරය කර තිබුණි.
එවක ප්‍රබල දේශපාලනඥයෙකු අක්මීමන පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් අමතා ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට ඇප දෙනවාට විරුද්ධ නොවන ලෙසත් කේස් එක ලිස්සා යවන ලෙසත් නියෝග කළ බවට වාර්තා පළ විය.
බාල වයස්කාර දැරියකට කළ ලිංගික අපචාර චෝදනාව සම්බන්ධ නඩුවෙන්ද ඔහු ඉක්මණින් ඇප ලබාගත්තේය. මේ අතරවාරයේ දකුණු පළාත් සභාව විසුරුවන්නට ඔන්න මෙන්න කියා තිබී තමා පළාත් සභාවෙන් ඉල්ලා අස්වන බව ඔහු දන්වා සිටියේය. තමා නිර්දෝෂි බවද කීය.

දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්ප කුමාර හෙවත් රත්තරන්  රංචු ගැසී චින ජාතික කාන්තාවක් දුෂණය කළැයි යන අනෙක් චෝදනාවට අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එක් අයෙකුට රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය ඊයේ (05) නියෝග කළාය.
පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ලෙසද කටයුතු කළ  වීරසිංහ ආරච්චිගේ ක්‍රිශාන්ත පුෂ්ප කුමාර හෙවත් රත්තරන් සතු දේශපාලන බලය නිසා ඔහුව අත්අඩංගුවට ගන්නට අදාල නිලධාරින්ට උනන්දුවක් නොතිබූ බව කියැවුණ අතර විමර්ශන අවසන්කර එහි උධෘත නීතිපතිවරයා වෙත යවා ඇතැයි අධිකරණය දී හෙළිවීමෙන් පසුව නීතිපතිවරයාගේ උපදෙස් පරිදි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන 2020 මාර්තු මස 5දා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා සමග නීතිඥ ශ්‍රිමාල් විජේසේකර මහතා පෙනි සිටියේය. වැඩිදුර විභාගය 18වන දිනට කල් තබන ලදී.
ඔවුන් මෙම වරදට සෘජුව සම්බන්ධ බවට සාක්ෂි තිබියදී ඇප මත නිදහස් විය.