රාජ්‍ය සේවකයන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් ලිපිගොනු පිළිබඳ සියලු විස්තර අන්තර්ජාලයට
(Online) එකතුකිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් අමාත්‍යංශය පියවර ගෙන ඇත.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ. රාජ්‍ය සේවකයන්ගේ පෞද්ගලික ලිපිගොනු ඇතුළත් තොරතුරු හානියක් නොවන අයුරින් තබාගැනීම, ලිපිගොනු තැබීම සඳහා වෙන් කරන ඉඩ ප්‍රමාණය සහ ලිපිද්‍රව්‍ය සඳහා වැයවන මුදල් අඩුකිරීමද මෙහි අරමුණකි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ලැබෙන බොහෝ ලිපි අතුරින් විශ්‍රාම වැටුප් සකසාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කෙරන ඇතැම් පෞද්ගලික ලිපිගොනුවල අඩුපාඩු රැසක් පවතින බැවින් මෙම ක්‍රමය ඊටද විසඳුමක් වනු ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.