ඉතාලියෙන් ආ දහදෙනෙක් නිරෝධායනයට යද්දී ලෙඩවෙලා
ගුවන්තොටුපොළේ සිට මඩකළපුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙනයමින් සිටි පිරිසකගෙන් කාත්තාවන්, කුඩා ළමයින් ඇතුළු දසදෙනකු හදිසියේ රෝගාතුර වීම නිසා පෙරේදා (10) සවස ඔවුන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබාදී ඊයේ (11) දින
දහවල් වෑන් රථයකින් මඩකළපුව නිරෝධායනයට මධ්‍යස්ථානයට රැගෙන යෑමට රෝහල් බලධාරි පියවර ගත්හ. ගුවන්තොටුපොළේ සිට මෙම කණ්ඩායම බස් රථ මගින් රැගෙන යමින් සිටියදී එකවරම කාන්තාවන් දෙදෙනකුට වමනය යෑම හේතුවෙන් එම පවුල් දෙකක පිරිස මේ ආකාරයෙන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ප්‍රදීප් දිසානායක මහතා පැවැසීය.
මෙම දහදෙනා වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා පෙරේදා (10) දින ගිලන් රථ මගින් මහනුවර මහ රෝහලට මාරු කර යැවීමට කටයුතු කර තිබේ. ඉතාලියේ සිට පැමිණි පිරිස කියා සිටියේ දඹුල්ල රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට මාරු කර යැව්ව ද මහනුවර රෝහලේ වෛද්‍යවරුන් තම කණ්ඩායම රෝහලට ඇතුළත් කර නොගෙන රැය පහන් වනතුරු රෝහලෙන් පිටත රඳවා තැබීමට කටයුතු කළ බවය. කෙසේ වෙතත් දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදීප් දිසානායක මහතා ඇතුළු රෝහලේ සියලු කාර්ය මණ්ඩලය තම කණ්ඩායමට ඉතා කාරුණිකව සැලකූ බව ද ඔවුහු පැවැසූහ.
සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ මෙම වීඩියෝවෙන් කියැවෙන්නේ ඉතාලියේ සිට ආ පවුලක් නිරෝධායනයට දැක්වූ දැඩි අකමැත්තයි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com