නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ ජාතික උද්‍යාන , උද්භිද
උද්‍යාන හා සත්වොද්‍යාන
ලෙස වෙන්වුණ සියලු උද්‍යාන සති දෙකක කාලයක් වසා දැමෙන බවයි.
ජාතික සත්වොද්‍යාන දෙපාර්තමේන්තුව, උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී සංරංක්ෂණ දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති ජාතික උද්‍යාන , උද්භිද උද්‍යාන හා සත්වොද්‍යාන ඉදිරි සති 2 ක කාලයේ මහජනයාට විවෘත නොකරන බව එම නිවේදනයේ දැක්වේ.