අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස තුළ නිකුත් කිරීමට නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.



විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා පැවසුවේ, මෙරට පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇති බවය.

කොරෝනා වෛරස් තත්ත්වය පහව යෑමෙන් පසු ප්‍රතිඵල නිකුත් කිරීමේ දිනය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

විභාග දෙපාර්තමේන්තුව මීට පෙර දැනුම් දී සිටියේ, මෙම මස අගදී සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බවයි.