මහ මැතිවරණය සම්බන්ධ නීතිමය විධිවිදාන අනුව අතිවිශේෂ ගැසට් පත්‍ර දෙකක් මැතිවරණ කොමිෂන් සභාව මගින් ඊයේ රාත්‍රී නිකුත් කර තිබේ.


පළමු ගැසට් පත්‍රයට අනුව අප්‍රේල් 25 මහමැතිවරණය පවත්වන බව දන්වා ඇති අතර දෙවැනි ගැසට් පත්‍රය මගින් එය කොරෝනා වෛරස් තත්වය මත කල්දමන්නට සිදුවූ බව දන්වා ඇත.

ඒ අනුව නීතිය ප්‍රකාරව  අප්‍රේල් මස 30 වැනිදා පසුවී ඉන් දින 14 කට පසු මහ මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් නියම කරන බව පමණක් දන්වා ඇති අතර මහමැතිවරණයට නිශ්චිත දිනයක් නම් කර නැත.
ඒ අනුව මැයි මස 14 වනදාට පසු දිනයකදී මහමැතිවරණ දිනය කවදාදැයි ප්‍රකාශයට පත් කරනු ඇත.