මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණි පිරිසක් අතර. ඇති වු ගැටුමක් හේතුවෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.



මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණි පිරිසක් අතර ඇති වු ගැටුමක් හේතුවෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ(09) රාත්‍රී 9.30ට පමණ මෙය සිදුව ඇත.

පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණි 6 දෙනෙකුගෙන් යුත් පිරිසක් විසින් එම හෝටලය තුළ දී මත්පැන් පානය කිරීමට උත්සහ කිරීමේ දී හෝටල් හිමිකරු සහ සේවකයින් එයට විරුද්ධ වී තිබේ.

පසුව පැමිණි පිරිස හෝටල් හිමිකරු හා සේවකයින් සමඟ ආරවුලක් ඇති වී ඇත.

ආරවුල අතරතුර එම පිරිස විසින් හෝටල් හිමිකරුට හා සේවකයින්ට තියුණු ආයුධයකින් පහර දී පලා ගොස් ඇත.

පහර කෑමට ලක්වු හෝටලයේ හිමිකරු ඇතුළු සිව් දෙනෙක් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී එක් සේවකයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 36 ක් වු ගනේවැල්පොල, කැකිරාව ලිපිනයේ පදිංචිකරුවෙකි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.